කථානායක කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඊයේ පස්වරුවේ ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එතුමිය පසුගිය කාලයේ අසනීප තත්ත්වයකින් සිටි බවයි අපට වාර්තා වුණේ.
එම හේතුවෙන් කථානායක කරූ ජයසූරිය මහතාද ලන්ඩනයට ගොස් සිටි බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර්හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබුණා.
ඇය ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටි අතර මියයන විට 40 වැනි වියේ පසුවුණා.
1976 වසරේ උපන් ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා(Martyn Dicker) සමගය.
සජීවනී ඉන්දිරා ජයසූරිය මහත්මියගේ අවසන් කැමැත්ත අනුව එතුමියගේ අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
